ථ ඛෝ කේසි අස්සදම්මසාරථි යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ කේසිං අස්සදම්මසාරථිං භගවා ඒතදවෝච :

එකල්හී කේසී නම් අශ්වයන් පුහුණු කරන තැනැත්තා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් කේසී නම් අශ්වයන් පුහුණු කරන තැනැත්තාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ත්වං ච ඛ‍්වාසි, කේසි, සඤ්ඤාතෝ අස්සදම්මසාරථි. කථං පන ත්වං කේසි, අස්සදම්මං විනේසීති?

“කේසී, අශ්වයන් පුහුණු කිරීමෙහිලා ඔබ ඉතා ප්‍රසිද්ධ කෙනෙක් නොවැ. කේසී, ඔබ අශ්වයෙකු පුහුණු කරන්නේ කෙසේ ද?”

අහං ඛෝ භන්තේ අස්සදම්මං සණ්හේනපි විනේමි, ඵරුසේනපි විනේමි, සණ්හඵරුසේනපි විනේමීති.

“ස්වාමීනී, මම හික්මවිය යුතු අශ්වයා මෘදු ආකාරයෙනුත් හික්මවමි. ඵරුෂ ආකාරයෙනුත් හික්මවමි. මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මවමි.”

සචේ තේ කේසි, අස්සදම්මෝ සණ්හේනපි විනයං න උපේති, ඵරුසේනපි විනයං න උපේති, සණ්හඵරුසේනපි විනයං න උපේති, කින්ති නං කරෝසීති?

“ඉදින් කේසී, ඒ හික්මවිය යුතු අශ්වයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, එවිට ඒ අසුට කුමක් කරන්නෙහි ද?”

සචේ මේ භන්තේ අස්සදම්මෝ සණ්හේනපි විනයං න උපේති, ඵරුසේනපි විනයං න උපේති, සණ්හඵරුසේන විනයං න උපේති, හනාමි නං භන්තේ. තං කිස්ස හේතු? මා මේ ආචරියකුලස්ස අවණ්ණෝ අහෝසීති.

“ඉදින් ස්වාමීනී, හික්මවිය යුතු මාගේ ඒ අශ්වයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, ස්වාමීනී, මම ඒ සතා මරා දමමි. මක් නිසා ද යත්, මාගේ ආචාර්ය කුලයට අවනම්බුවක් නොවේවා කියා ය.

භගවා පන භන්තේ අනුත්තරෝ පුරිසදම්මසාරථි, කථං පන භන්තේ භගවා පුරිසදම්මං විනේතීති?

ස්වාමීනී, හික්මවිය යුතු පුරුෂයන් පුහුණු කිරීමෙහිලා භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ හික්මවිය යුතු පුරුෂයා කෙසේ හික්මවන සේක් ද?”

අහං ඛෝ කේසි, පුරිසදම්මං සණ්හේනපි විනේමි, ඵරුසේනපි විනේමි සණ්හඵරුසේනපි විනේමි. තත්‍රිදං කේසි, සණ්හස්මිං: ඉති කායසුචරිතං, ඉති කායසුචරිතස්ස විපාකෝ. ඉති වචීසුචරිතං, ඉති වචීසුචරිතස්ස විපාකෝ. ඉති මනෝසුචරිතං, ඉති මනෝසුචරිතස්ස විපාකෝ. ඉති දේවා, ඉති මනුස්සා.

“කේසී, මම හික්මවිය යුතු පුරුෂයා මෘදු ආකාරයෙනුත් හික්මවමි. ඵරුෂ ආකාරයෙනුත් හික්මවමි. මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මවමි.

කේසී, එහිලා මෘදු ආකාරයෙහි මෙය ඇත්තේ ය. එනම් කාය සුචරිතය යනු මෙය යි. කාය සුචරිතයෙහි විපාකය මෙය යි. වාක් සුචරිතය යනු මෙය යි. වාක් සුචරිතයෙහි විපාකය මෙය යි. මනෝ සුචරිතය යනු මෙය යි. මනෝ සුචරිතයෙහි විපාකය මෙය යි. දෙවියෝ මෙබඳු වූවෝ ය. මනුෂ්‍යයෝ මෙබඳු වූවෝ ය වශයෙනි.

තත්‍රි දං කේසි, ඵරුසස්මිං: ඉති කායදුච්චරිතං, ඉති කායදුච්චරිතස්ස විපාකෝ. ඉති වචීදුච්චරිතං, ඉති වචීදුච්චරිතස්ස විපාකෝ. ඉති මනෝදුච්චරිතං, ඉති මනෝදුච්චරිතස්ස විපාකෝ. ඉති නිරයෝ, ඉති තිරච්ඡානයෝනි, ඉති පෙත්තිවිසයෝ.

කේසී, එහිලා ඵරුෂ ආකාරයෙහි මෙය ඇත්තේ ය. එනම් කාය දුෂ්චරිතය යනු මෙය යි. කාය දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. වාක් දුෂ්චරිතය යනු මෙය යි. වාක් දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. මනෝ දුෂ්චරිතය යනු මෙය යි. මනෝ දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. නිරි සත්වයෝ මෙබඳු වූවෝ ය. තිරිසන් යෝනිය මෙබඳු වූයේ ය. ප්‍රේත විෂය මෙබඳු වූයේ ය වශයෙනි.

තත්‍රිදං කේසි, සණ්හඵරුසස්මිං. ඉති කායසුචරිතං, ඉති කායසුචරිතස්ස විපාකෝ. ඉති කායදුච්චරිතං, ඉති කායදුච්චරිතස්ස විපාකෝ. ඉති වචීසුචරිතං, ඉති වචීසුචරිතස්ස විපාකෝ. ඉති වචීදුච්චරිතං, ඉති වචීදුච්චරිතස්ස විපාකෝ. ඉති මනෝසුචරිතං, ඉති මනෝසුචරිතස්ස විපාකෝ. ඉති මනෝදුච්චරිතං, ඉති මනෝදුච්චරිතස්ස විපාකෝ. ඉති දේවා, ඉති මනුස්සා. ඉති නිරයෝ, ඉති තිරච්ඡානයෝනි, ඉති පෙත්තිවිසයෝති.

කේසී, එහිලා මෘදු ඵරුෂ ආකාරයෙහි මෙය ඇත්තේ ය. එනම් කාය සුචරිතය යනු මෙය යි. කාය සුචරිතයෙහි විපාකය මෙය යි. වාක් සුචරිතය යනු මෙය යි. වාක් සුචරිතයෙහි විපාකය මෙය යි. මනෝ සුචරිතය යනු මෙය යි. මනෝ සුචරිතයෙහි විපාකය මෙය යි. කාය දුෂ්චරිතය යනු මෙය යි. කාය දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. වාක් දුෂ්චරිතය යනු මෙය යි. වාක් දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. මනෝ දුෂ්චරිතය යනු මෙය යි. මනෝ දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. දෙවියෝ මෙබඳු වූවෝ ය. මනුෂ්‍යයෝ මෙබඳු වූවෝ ය. නිරි සත්වයෝ මෙබඳු වූවෝ ය. තිරිසන් යෝනිය මෙබඳු වූයේ ය. ප්‍රේත විෂය මෙබඳු වූයේ ය වශයෙනි.”

සචේ තේ භන්තේ පුරිසදම්මෝ සණ්හේන විනයං න උපේති, ඵරුසේන විනයං න උපේති, සණ්හඵරුසේන විනයං න උපේති, කින්ති නං භගවා කරෝතීති?

“ඉදින් ස්වාමීනී, ඒ හික්මවිය යුතු පුරුෂයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, එවිට ඒ පුරුෂයාට කුමක් කරන්නෙහි ද?”

සචේ මේ කේසි, පුරිසදම්මෝ සණ්හේන විනයං න උපේති, ඵරුසේන විනයං න උපේති, සණ්හඵරුසේන විනයං න උපේති, හනාමි නං කේසීති.

“ඉදින් කේසී, හික්මවිය යුතු මාගේ ඒ පුරුෂයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, කේසී, මම ඒ පුරුෂයා මරා දමමි.”

න ඛෝ භන්තේ භගවතෝ පාණාතිපාතෝ කප්පති. අථ ච පන භගවා ඒවමාහ: හනාමි නං කේසීති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට සතුන් මැරීම කැප නැත්තේ ම ය. එසේ තිබිය දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ සේක. ‘කේසී, මම ඔහු මරා දමමි’ යි.”

සච්චං කේසි, න තථාගතස්ස පාණාතිපාතෝ කප්පති. අපි ච සෝ පුරිසදම්මෝ සණ්හේන විනයං න උපේති, ඵරුසේන විනයං න උපේති, සණ්හඵරුසේන විනයං න උපේති, න තථාගතෝ වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති. නපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. වධෝ හේස කේසි, අරියස්ස විනයේ යං න තථාගතෝ වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති. නපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තීති.

“කේසී, තථාගතයන් හට සතුන් මැරීම කැප නැති බව සැබෑ ය. එනමුදු හික්මවිය යුතු ඒ පුරුෂයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, තථාගත තෙමේ ඒ තැනැත්තා කරුණු කිව යුත්තෙකු වශයෙන්, අනුශාසනා කළ යුත්තෙකු වශයෙන් නොසිතයි. නුවණැති සබ්‍රහ්මචාරීහු ද ඒ තැනැත්තා කරුණු කිව යුත්තෙකු වශයෙන්, අනුශාසනා කළ යුත්තෙකු වශයෙන් නොසිතති. කේසී, තථාගතයන් වහන්සේ යමෙකු පිළිබඳව කිව යුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත් ද, නුවණැති සබ්‍රහ්මචාරීහු ද, කිව යුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත් ද, ආර්ය විනයෙහි මෙය වනාහී මරා දැමීමක් බඳු ය.”

සෝ හි නූන භන්තේ සුවධෝ හෝති යං න තථාගතෝ වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති. නපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තීති.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ යමෙකු පිළිබඳව කිව යුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත් ද, නුවණැති සබ්‍රහ්මචාරීහු ද, කිව යුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත් ද, ඒකාන්තයෙන් ම එය වනාහී බරපතල මරා දැමීමක් බඳු ම ය.

අභික්කන්තං භන්තේ, අභික්කන්තං ....(පෙ).... උපාසකං මං භන්තේ භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් භවත් ගෞතමයන් වහන්සේ පිළිගන්නා සේක්වා !”

සාදු! සාදු!! සාදු!!!

කේසී සූත්‍රය නිමා විය.