ඒකං සමයං භගවා වේසාලියං විහරති, මහාවනේ කූටාගාරසාලායං. තේන ඛෝ පන සමයේන පඤ්චමත්තානි ලිච්ඡවීසතානි භගවන්තං පයිරුපාසන්ති. අප්පේකච්චේ ලිච්ඡවී නීලා හොන්ති නීලවණ්ණා නීලවත්ථා නීලාලංකාරා. අප්පේකච්චේ ලිච්ඡවී පීතා හොන්ති පීතවණ්ණා පීතවත්ථා පීතාලංකාරා. අප්පේකච්චේ ලිච්ඡවී ලෝහිතකා හොන්ති ලෝහිතකවණ්ණා ලෝහිතකවත්ථා ලෝහිතකාලංකාරා. අප්පේකච්චේ ලිච්ඡවී ඕදාතා හොන්ති ඕදාතවණ්ණා ඕදාතවත්ථා ඕදාතාලංකාරා. ත්‍යාස්සුදං භගවා අතිරෝචති වණ්ණේන චේ ව යසසා ච.
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි පන්සියයක් පමණ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කරන්නාහු ය. ඇතැම් ලිච්ඡවීහු නිල් පැහැ ඇති නීල වර්ණ වූ නිල් වස්ත්‍ර ඇති නිලෙන් අලංකාරවූවාහු ය. ඇතැම් ලිච්ඡවීහු කහ පැහැ ඇති කහ වර්ණ වූ කහ වස්ත්‍ර ඇති කහ පැහැයෙන් අලංකාරවූවාහු ය. ඇතැම් ලිච්ඡවීහු රතු පැහැ ඇති රතු වර්ණ වූ රතු වස්ත්‍ර ඇති රතු පැහැයෙන් අලංකාරවූවාහු ය. ඇතැම් ලිච්ඡවීහු සුදු පැහැ ඇති සුදු වර්ණ වූ සුදු වස්ත්‍ර ඇති සුදු පැහැයෙන් අලංකාරවූවාහු ය. ඔවුන් අතර වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ පැහැයෙනුත්, යසසිනුත් ඔවුන් හැම ඉක්මවා බබලන සේක.
අථ ඛෝ පිංගියානී බ්‍රාහ්මණෝ උට්ඨායාසනා ඒකංසං උත්තරාසංගං කරිත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: පටිභාති මං භගවා, පටිභාති මං සුගතාති.
එකල්හී පිංගියානි බ්‍රාහ්මණ තෙමේ හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ප්‍රණාම කොට භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි. සුගතයන් වහන්ස, මට වැටහෙයි.”
පටිභාතු තං පිංගියානීති භගවා අවෝච.
“පිංගියානි, එය ඔබට වැටහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
අථ ඛෝ පිංගියානී බ්‍රාහ්මණෝ භගවතෝ සම්මුඛා සාරුප්පාය ගාථාය අභිත්ථවි:
එවිට පිංගියානි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ඉතා සුදුසු වූ ගාථාවෙක් රචනා කොට කීවේ ය.
පදුමං යථා කෝකනදං සුගන්ධංපාතෝසියා ඵුල්ලමවීත ගන්ධංඅංගීරසං පස්ස විරෝචමානංතපන්තමාදිච්චමිවන්තලික්ඛේ’ති
යම් සේ හිමිදිරියෙහි පිපී ගිය බැහැර නොවූ මිහිරි සුවඳැති කෝකනද නම් රතු නෙළුමක් වෙයි ද, එසෙයින් ම අහස් තලයෙහි තෙද පතුරුවන සූර්යයා මෙන් බබලන අංගීරස වූ බුදුරජුන් දෙස බලනු මැන.”
අථ ඛෝ තේ ලිච්ඡවී පඤ්චහි උත්තරාසංගසතේහි පිංගියානිං බ්‍රාහ්මණං අච්ඡාදේසුං. අථ ඛෝ පිංගියානී බ්‍රාහ්මණෝ තේහි පඤ්චහි උත්තරාසංගසතේහි භගවන්තං අච්ඡාදේසි.
අථ ඛෝ භගවා තේ ලිච්ඡවී ඒතදවෝච:
එකල්හී සතුටට පත් වූ ලිච්ඡවීහු උතුරු සළු පන්සියයකින් පිංගියානි බ්‍රාහ්මණයා පිදූහ. එවිට පිංගියානි බ්‍රාහ්මණ තෙමේ ඒ උතුරු සළු පන්සියයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුවේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන් හට මෙය වදාළ සේක.
පඤ්චන්නං ලිච්ඡවී, රතනානං පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මිං. කතමේසං පඤ්චන්නං:
“ලිච්ඡවීවරුනි, ලෝකයෙහි පස් වැදෑරුම් රත්නයන්ගේ පහළ වීම දුර්ලභ ය. ඒ කවර පසක් ද යත්;
තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්ධස්ස පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මිං. තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසේතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං. තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසිතස්ස විඤ්ඤාතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං. තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසිතස්ස විඤ්ඤාතා ධම්මානුධම්මපටිපන්නෝ පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං. කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං.
තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීම ලෝකයෙහි දුර්ලභ ය. තථාගත ප්‍රවිදිත වූ ධර්ම විනය දේශනා කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය. තථාගත ප්‍රවිදිත ධර්ම විනය දේශනා කරන විට අවබෝධ කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය. තථාගත ප්‍රවිදිත ධර්ම විනය දෙසන කල්හී එය අවබෝධ කොට ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය. කෙලෙහි ගුණ දන්නා, කෙලෙහි ගුණ සිහි කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය.
ඉමේසං ඛෝ ලිච්ඡවී පඤ්චන්නං රතනානං පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මින්ති.
ලිච්ඡවීවරුනි, මේ පංච රත්නයන්ගේ පහළ වීම ලෝකයෙහි දුර්ලභ ය.”