ඒකං සමයං භගවා සක්කේසු විහරති කපිලවත්ථුස්මිං නිග්‍රෝධාරාමේ. තේන ඛෝ පන සමයේන කාපිලවත්ථවානං සක්‍යානං නවං සන්ථාගාරං අචිරකාරිතං හෝති, අනජ්ඣාවුත්ථං සමණේන වා බ්‍රාහ්මණේන වා කේනචි වා මනුස්සභූතේන. අථ ඛෝ කාපිලවත්ථවා සක්‍යා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ කාපිලවත්ථවා සක්‍යා භගවන්තං ඒතදවෝචුං:
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ. ඒ කාලයේ ම කපිලවස්තු වැසි ශාක්‍යවරුන් විසින් අලුත් සන්ථාගාරයක් (ගිමන් හලක්) අලුතින් කරවලා තිබුණා. එහි ශ්‍රමණයෙකු විසින්වත්, බ්‍රාහ්මණයෙකු විසින්වත්, කිසි මිනිසෙකු විසින්වත් පාවිච්චි කොට තිබුණේ නෑ. ඉතින් කපිලවස්තු වැසි ශාක්‍යවරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස වාඩිවුණ කපිලවස්තු වැසි ශාක්‍යවරු, භාග්‍යවතුන් වහන්සේ වෙත මෙකරුණ සැල කළා.
ඉධ භන්තේ කාපිලවත්ථවානං සක්‍යානං නවං සන්ථාගාරං අචිරකාරිතං හෝති, අනජ්ඣාවුත්ථං සමණේන වා බ්‍රාහ්මණේන වා කේනචි වා මනුස්සභූතේ, තං භන්තේ භගවා පඨමං පරිභුඤ්ජතු. භගවතා පඨමං පරිභුත්තං පච්ඡා කාපිලවත්ථවා සක්‍යා පරිභුඤ්ජිස්සන්ති; තදස්ස කාපිලවත්ථවානං සක්‍යානං දීඝරත්තං හිතාය සුඛායාති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.
“ස්වාමීනී, මෙහි කපිලවස්තු වැසි ශාක්‍යවරුන් විසින් අලුතින් ම කරවපු, අලුත් සන්ථාගාරයක් තියෙනවා. ශ්‍රමණයෙකු විසින්වත්, බ්‍රාහ්මණයෙකු විසින්වත්, වෙන මිනිසෙකුවත් පාවිච්චි කොට නෑ. එනිසා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ සන්ථාගාරය පළමුකොට පරිහරණය කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් මුලින් ම පරිභෝග කළාට පස්සේ කපිලවස්තුපුර ශාක්‍යවරුන් පරිභෝග කරාවි. එය කපිලවස්තුවැසි ශාක්‍යවරුන් හට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතීවි” කියලා. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එම ඇරයුම ඉවසා වදාළා.
අථ ඛෝ කාපිලවත්ථවා සක්‍යා භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන නවං සන්ථාගාරං තේනුපසංකමිංසු, උපසංකමිත්වා සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරාපෙත්වා ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං පතිට්ඨාපෙත්වා තේලප්පදීපං ආරෝපෙත්වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං ඒතදවෝචුං: සබ්බසන්ථරිසන්ථතං භන්තේ සන්ථාගාරං, ආසනානි පඤ්ඤත්තානි උදකමණිකෝ පතිට්ඨාපිතෝ, තේලප්පදීපෝ ආරෝපිතෝ යස්ස දානි භගවා කාලං මඤ්ඤතීති.
එතකොට කපිලවස්තු වැසි ශාක්‍යවරුන් භාග්‍යවතුන් වහන්සේගේ ඒ ඇරයුම පිළිගැනීම දැන, අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ, ප්‍රදක්ෂිණා කරලා අළුත් සන්ථාගාරය තියෙන තැනට ගියා. ගිහින් සියලු ඇතිරිලි සන්ථාගාරයේ අතුරලා, අසුන් පණවලා, දිය බඳුන් තබලා, තෙල් පහන් දල්වලා, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “ස්වාමීනී, සන්ථාගාරයේ ඔක්කෝම ඇතිරිලි අතුරලා තියෙන්නේ. අසුන් පණවලා තියෙන්නේ. දිය බඳුනක් තියලා තියෙන්නේ. තෙල් පහන් දල්වලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දැන් සුදුසු දෙයකට කල් දන්නා සේක්වා.”
අථ ඛෝ භගවා නිවාසෙත්වා පත්තචීවරං ආදාය සද්ධිං භික්ඛුසංඝේන යේන නවං සන්ථාගාරං තේනුපසංකමි, උපසංකමිත්වා පාදේ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා මජ්ඣිමථම්භං නිස්සාය පුරත්ථාභිමුඛෝ නිසීදි. භික්ඛුසංඝෝපි ඛෝ පාදේ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛෝ නිසීදි භගවන්තඤ්ඤේව පුරක්ඛත්වා. කාපිලවත්ථවාපි ඛෝ සක්‍යා පාදේ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා3 නිසීදිංසු භගවන්තඤ්ඤේව පුරක්ඛත්වා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ සිවුරු හැඳ පොරොවා, පා සිවුරු ගෙන, භික්ෂු සංඝයා සමඟ අළුත් සන්ථාගාරය ඇති තැනට වැඩම කළා. වැඩම කොට, සිරි පා සෝදා ගෙන, සන්ථාගාරයට පිවිසිලා, එහි මැද තියෙන ස්ථම්භයට පිටදී, නැගෙනහිර දෙසට මුහුණලා වැඩසිටියා. භික්ෂු සංඝයා ද පා සෝදා ගෙන, සන්ථාගාරයට පිවිසිලා, එහි පිටුපස බිත්තියට පිටුපා නැගෙනහිර දෙසට මුහුණලා, භාග්‍යවතුන් වහන්සේව ම පෙරටු කොට වැඩසිටියා. කපිලවස්තු වැසි ශාක්‍යවරුන්ද, පා සෝදා ගෙන, සන්ථාගාරයට පිවිස, නැගෙනහිර බිත්තියට පිටුපා, බටහිර පැත්තට මුහුණලා භාග්‍යවතුන් වහන්සේව ම පෙරටුකොට වාඩිවුණා.
අථ ඛෝ භගවා කාපිලවත්ථවේ සක්‍යේ බහුදේව රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උය්‍යෝජේසි: ‘අභික්කන්තා ඛෝ ගෝතමා රත්ති යස්සදානි කාලං මඤ්ඤථා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ කාපිලවත්ථවා සක්‍යා භගවතෝ පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී බොහෝ වේලාවක් කපිලවස්තු වැසි ශාක්‍යවරුන්ව දහම් කතාවෙන් සතුටු කෙරෙව්වා. සමාදන් කෙරෙව්වා. උත්සාහවත් කෙරෙව්වා. “පින්වත් ගෞතමවරුනි, දැන් සෑහෙන්න රෑ ඉක්මුණා නොවැ, යමකට සුදුසු නම් දැන් එයට කාලය බව දැනගන්න.” කියලා ඔවුන්ව පිටත්කොට වදාළා. ‘එසේය ස්වාමීනී’ කියලා කපිලවස්තු වැසි ශාක්‍යවරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා, සිටි අසුනෙන් නැගිටලා, භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා, පැදකුණු කරලා පිටත් වුණා.
අථ ඛෝ භගවා අචිරපක්කන්තේසු කාපිලවත්ථේවේසු සක්‍යේසු ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තේසි: විගතථිනමිද්ධෝ ඛෝ මොග්ගල්ලාන, භික්ඛුසංඝෝ. පටිභාතු තං මොග්ගල්ලාන, භික්ඛූනං ධම්මී කථා. පිට්ඨි මේ ආගිලායති තමහං ආයමිස්සාමීති. ඒවම්භන්තේති ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා චතුග්ගුණං සංඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණේන පස්සේන සීහසෙය්‍යං කප්පේසි පාදේ පාදං අච්චාධාය, සතෝ සම්පජානෝ උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු වැසි ශාක්‍යවරුන් පිටත් වී නොබෝ වේලාවකින් ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ අමතා වදාළා. “පින්වත් මොග්ගල්ලාන, භික්ෂු සංඝයා පහ වූ ථීනමිද්ධ ඇතුවයි ඉන්නේ. පින්වත් මොග්ගල්ලාන, මේ භික්ෂු සංඝයා හට පැවසීම පිණිස ඔබට දහම් කතාව වැටහේවා. මගේ පිටේ මඳ ගිලන් බවක් දැනෙනවා. ඒ නිසා මං එය සංසිඳවා ගන්නම්.” ‘එසේය ස්වාමීනී’ කියලා ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දෙපට සිවුර හතරට නවලා, අසුනක් පණවලා, පයෙන් පය මඳක් මෑත් කොට තබලා, මනා සිහි නුවණින් යුතුව, නැගී සිටීමේ හැඟීම මෙනෙහි කොට දකුණු ඇලයෙන් සිංහ සෙය්‍යාවෙන් සැතපී වදාළා.
තත්‍ර ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ භික්ඛූ ආමන්තේසි ‘ආවුසෝ භික්ඛවෝ’ති. ආවුසෝ ති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ මහාමොග්ගල්ලානස්ස පච්චස්සෝසුං. ආයස්මා මහාමොග්ගල්ලානෝ ඒතදවෝච:
එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් “ප්‍රිය ආයුෂ්මත් මහණෙනි” කියා භික්ෂූන් අමතා වදාළා. ‘එසේය ප්‍රිය ආයුෂ්මතුනි’ කියලා ඒ භික්ෂූන් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් මෙම දෙසුම වදාළා.
අවස්සුතපරියායඤ්ච වෝ ආවුසෝ දේසිස්සාමි, අනවස්සුතපරියායඤ්ච. තං සුණාථ. කථඤ්චාවුසෝ අවස්සුතෝ හෝති: ඉධාවුසෝ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපේ රූපේ අධිමුච්චති, අප්පියරූපේ රූපේ බ්‍යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචේතසෝ, තඤ්ච චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තේ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්ති.
ප්‍රිය ආයුෂ්මතුනි, කෙලෙස් වැගිරීමේ ක්‍රමයත්, කෙලෙස් නොවැගිරීමේ ක්‍රමයත්, මා ඔබට දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. ප්‍රිය ආයුෂ්මතුනි, කෙලෙස් වැගිරෙන කෙනෙක් වෙන්නේ කොහොමද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙනවා. අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙනවා. කය පිළිබඳ සිහිය නොපිහිටුවාගෙන ඉන්නවා. පටු සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් දහම් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් එම චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් නෑ.
සෝතේන සද්දං සුත්වා ....(පෙ).... ඝානේන ගන්ධං ඝායිත්වා ....(පෙ).... ජිව්හාය රසං සායිත්වා ....(පෙ).... කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ....(පෙ).... මනසා ධම්මං විඤ්ඤාය පියරූපේ ධම්මේ අධිමුච්චති, අප්පිය රූපේ ධම්මේ බ්‍යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචේතසෝ, තඤ්ච චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තේ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්ති; අයං වුච්චතාවුසෝ භික්ඛු අවස්සුතෝ චක්ඛුවිඤ්ඤෙය්‍යේසු රූපේසු අවස්සුතෝ සෝතවිඤ්ඤෙය්‍යේසු සද්දේසු, අවස්සුතෝ ඝානවිඤ්ඤෙය්‍යේසු ගන්ධේසු, අවස්සුතෝ ජිව්හාවිඤ්ඤෙය්‍යේසු රසේසු, අවස්සුතෝ කායවිඤ්ඤෙය්‍යේසු ඵොට්ඨබ්බේසු, අවස්සුතෝ මනෝවිඤ්ඤෙය්‍යේසු ධම්මේසු.
කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන ප්‍රිය ස්වභාව ඇති අරමුණට ගිජු වෙනවා. අප්‍රිය ස්වභාව ඇති අරමුණට කිපෙනවා. කය පිළිබඳ සිහිය නොපිහිටුවාගෙන ඉන්නවා. පටු සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් දහම් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් එම චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, මෙයට කියන්නේ භික්ෂුවට ඇසෙන් දත යුතු රූප කෙරෙහි කෙලෙස් වෑහෙනවා කියලයි. කනින් දත යුතු ශබ්ද කෙරෙහි කෙලෙස් වෑහෙනවා කියලයි. නාසයෙන් දත යුතු ගන්ධ කෙරෙහි කෙලෙස් වෑහෙනවා කියලයි. දිවෙන් දත යුතු රස කෙරෙහි කෙලෙස් වෑහෙනවා කියලයි. කයෙන් දත යුතු පහස කෙරෙහි කෙලෙස් වෑහෙනවා කියලයි. මනසින් දත යුතු අරමුණු කෙරෙහි කෙලෙස් වෑහෙනවා කියලයි.
ඒවං විහාරිං චාවුසෝ භික්ඛුං චක්ඛුතෝ චේපි නං මාරෝ උපසංකමති, ලභතේව මාරෝ ඕතාරං ලභති මාරෝ ආරම්මණං; සෝතතෝ චේපි නං ....(පෙ).... ඝානතෝ චේපි නං ....(පෙ).... ජිව්හාතෝ චේපි නං ....(පෙ).... කායතෝ චේපි නං ....(පෙ).... මනතෝ චේපි නං මාරෝ උපසංකමති, ලභතේව මාරෝ ඕතාරං ලභති මාරෝ ආරම්මණං.
ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට වාසය කරන විට ඇස කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට මාරයා ළං වෙනවා. මාරයා අවස්ථාවක් ලබනවා ම යි. මාරයා අරමුණක් ලබනවා ම යි. කන කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. නාසය කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. දිව කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. කය කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. මනස කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට මාරයා ළං වෙනවා. මාරයා අවස්ථාවක් ලබනවා ම යි. මාරයා අරමුණක් ලබනවා ම යි.
සෙය්‍යථාපි ආවුසෝ නළාගාරං වා තිණාගාරං වා සුක්ඛං කෝලාපං තේරෝවස්සිකං පුරත්ථිමාය චේපි නං දිසාය පුරිසෝ ආදිත්තාය තිණුක්කාය උපසංකමෙය්‍ය; ලභේථේව අග්ගි ඕතාරං, ලභේථ අග්ගි ආරම්මණං. පච්ඡිමාය චේපි නං දිසාය පුරිසෝ ආදිත්තාය තිණුක්කාය උපසංකමෙය්‍ය ....(පෙ).... උත්තරාය චේපි නං දිසාය ....(පෙ).... දක්ඛිණාය චේපි නං දිසාය ....(පෙ).... හෙට්ඨතෝ චේපි නං ....(පෙ).... උපරිතෝ චේපි නං ....(පෙ).... යතෝ කුතෝ චේපි නං පුරිසෝ, ආදිත්තාය තිණුක්කාය උපසංකමෙය්‍ය; ලභේථේව අග්ගි ඕතාරං, ලභේථ අග්ගි ආරම්මණං.
ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. බටවලින් කරපු ගෙයක් හරි, තණවලින් කරපු ගෙයක් හරි තියෙනවා. හොඳටම වේලිලා. තෙත හිඳිලා. සෑහෙන්න පරණයි. ඉදින් නැගෙනහිර දිශාවෙනුත් පුරුෂයෙක් ඇවිලගත් තණ හුලක් රැගෙන ආවොත්, ගින්නට ඉඩක් ලැබෙනවා ම යි. ගින්නට අරමුණක් ලැබෙනවා ම යි. ඉදින් බටහිර දිශාවෙනුත් පුරුෂයෙක් ඇවිලගත් තණ හුලක් රැගෙන ආවොත් ….(පෙ)…. ඉදින් උතුරු දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් දකුණු දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් යට දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් උඩ දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් පුරුෂයෙක් ඇවිලගත් තණ හුලක් රැගෙන කොයියම් ම දිශාවකින් ආවොත්, ගින්නට ඉඩක් ලැබෙනවා ම යි. ගින්නට අරමුණක් ලැබෙනවා ම යි.
ඒවමේව ඛෝ ආවුසෝ ඒවං විහාරිං භික්ඛුං චක්ඛුතෝ චේපි නං මාරෝ උපසංකමති; ලභතේව මාරෝ ඕතාරං, ලභති මාරෝ ආරම්මණං. සෝතතෝ චේපි නං ....(පෙ).... ඝානතෝ චේපි නං ....(පෙ).... ජිව්හාතෝ චේපි නං ....(පෙ).... කායතෝ චේපි නං ....(පෙ).... මනතෝ චේපි නං මාරෝ උපසංකමති ලභතේව මාරෝ ඕතාරං, ලභති මාරෝ ආරම්මණං. ඒවං විහාරිං චාවුසෝ භික්ඛුං රූපා අධිභංසු, න භික්ඛු රූපේ අධිභෝසි; සද්දා භික්ඛුං අධිභංසු, න භික්ඛු සද්දේ අධිභෝසි; ගන්ධා භික්ඛුං අධිභංසු, න භික්ඛුං ගන්ධේ අධිභෝසි; රසා භික්ඛුං අධිභංසු, න භික්ඛු රසේ අධිභෝසි; ඵොට්ඨබ්බා භික්ඛුං අධිභංසු, න භික්ඛු ඵොට්ඨබ්බේ අධිභෝසි; ධම්මා භික්ඛුං අධිභංසු, න භික්ඛු ධම්මේ අධිභෝසි;
ප්‍රිය ආයුෂ්මතුනි, එලෙසින් ම භික්ෂුව ඔය විදිහට වාසය කරන විට ඇස කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට මාරයා ළං වෙනවා. මාරයා අවස්ථාවක් ලබනවා ම යි. මාරයා අරමුණක් ලබනවා ම යි. කන කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. නාසය කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. දිව කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. කය කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. මනස කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට මාරයා ලං වෙනවා. මාරයා අවස්ථාවක් ලබනවා ම යි. මාරයා අරමුණක් ලබනවා ම යි. ප්‍රිිය ආයුෂ්මතුනි, ඔය විදිහට වාසය කරද්දි රූප විසින් ඒ භික්ෂුව යට කරලා දානවා. ඒ භික්ෂුව විසින් රූප යට කළේ නෑ. ශබ්ද විසින් ඒ භික්ෂුව යට කරලා දානවා. ඒ භික්ෂුව විසින් ශබ්ද යට කළේ නෑ. ගන්ධ විසින් ඒ භික්ෂුව යට කරලා දානවා. ඒ භික්ෂුව විසින් ගන්ධ යට කළේ නෑ. රස විසින් ඒ භික්ෂුව යට කරලා දානවා. ඒ භික්ෂුව විසින් රස යට කළේ නෑ. පහස විසින් ඒ භික්ෂුව යට කරලා දානවා. ඒ භික්ෂුව විසින් පහස යට කළේ නෑ. මනසට අරමුණු වන දේ විසින් ඒ භික්ෂුව යට කරලා දානවා. ඒ භික්ෂුව විසින් මනසට අරමුණු වන දේ යට කළේ නෑ.
අයං වුච්චතාවුසෝ භික්ඛු රූපාධිභූතෝ සද්දාධිභූතෝ ගන්ධාධිභූතෝ රසාධිභූතෝ ඵොට්ඨබ්බාධිභූතෝ ධම්මාධිභූතෝ, අධිභූතෝ අනධිභූ අධිභංසු නං පාපකා අකුසලා ධම්මා සංකිලේසිකා පෝනෝභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාති ජරාමරණියා. ඒවං ඛෝ ආවුසෝ අවස්සුතෝ හෝති.
ප්‍රිය ආයුෂ්මතුනි, මොහුට තමයි රූප විසින් මඩනා ලද, ශබ්ද විසින් මඩනා ලද, ගන්ධ විසින් මඩනා ලද, රස විසින් මඩනා ලද, පහස විසින් මඩනා ලද, මනසට අරමුණු වන දේ විසින් මඩනා ලද භික්ෂුව කියලා කියන්නේ. ඒ බාහිර අරමුණු විසින් භික්ෂුවව යටපත් කළා. භික්ෂුව විසින් ඒවා යටපත් කළේ නෑ. කෙලෙස් සහිත වූ, පුනර්භවය ඇති කරන්නා වූ, පීඩා සහිත වූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති ජරාමරණ උපදවන්නා වූ පාපී අකුසල් දහම් විසින් ඒ භික්ෂුව යට කළා කියලයි කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහටයි කෙලෙස් වැගිරෙන කෙනෙක් වෙන්නේ.
කථඤ්චාවුසෝ අනවස්සුතෝ හෝති: ඉධාවුසෝ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපේ රූපේ නාධිමුච්චති, අප්පියරූපේ රූපේ න ව්‍යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචේතසෝ, තඤ්ච චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තේ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්ති;
ප්‍රිය ආයුෂ්මතුනි, කෙලෙස් නොවැගිරෙන කෙනෙක් වෙන්නේ කොහොමද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙන්නේ නෑ. අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙන්නේ නෑ. කය පිළිබඳ සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් දහම් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධක් තියෙනවා.
සෝතේන සද්දං සුත්වා ....(පෙ).... ඝානේන ගන්ධං ඝායිත්වා ....(පෙ).... ජිව්හාය රසං සායිත්වා ....(පෙ).... කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ....(පෙ).... මනසා ධම්මං විඤ්ඤාය පියරූපේ ධම්මේ නාධිමුච්චති, අප්පියරූපේ ධම්මේ න ව්‍යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණ චේතසෝ, තඤ්ච චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තේ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්ති. අයං වුච්චතාවුසෝ භික්ඛු අනවස්සුතෝ චක්ඛුවිඤ්ඤෙය්‍යේසු රූපේසු ....(පෙ).... අනවස්සුතෝ ජිව්හාවිඤ්ඤෙය්‍යේසු රසේසු ....(පෙ).... අනවස්සුතෝ මනෝවිඤ්ඤෙය්‍යේසු ධම්මේසු.
කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන ප්‍රිය ස්වභාව ඇති අරමුණට ගිජු වෙන්නේ නෑ. අප්‍රිය ස්වභාව ඇති අරමුණට කිපෙන්නේ නෑ. කය පිළිබඳ සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් දහම් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධක් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, මෙයට කියන්නේ භික්ෂුවට ඇසෙන් දත යුතු රූප කෙරෙහි කෙලෙස් වෑහෙන්නේ නෑ කියලයි. ….(පෙ)…. දිවෙන් දත යුතු රස කෙරෙහි කෙලෙස් වෑහෙන්නේ නෑ කියලයි ….(පෙ)…. මනසින් දත යුතු අරමුණු කෙරෙහි කෙලෙස් වෑහෙන්නේ නෑ කියලයි.
ඒවං විහාරිං චාවුසෝ භික්ඛුං චක්ඛුතෝ චේපි නං මාරෝ උපසංකමති, නේව ලභති මාරෝ ඕතාරං, න ලභති මාරෝ ආරම්මණං; සෝතතෝ චේපි නං ....(පෙ).... ඝානතෝ චේපි නං ....(පෙ).... ජිව්හාතෝ චේපි නං ....(පෙ).... කායතෝ චේපි නං ....(පෙ).... මනතෝ චේපි නං මාරෝ උපසංකමති, නේව ලභති මාරෝ ඕතාරං, න ලභති මාරෝ ආරම්මණං.
ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට වාසය කරන විට ඇස කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට මාරයා ළං වෙන්නේ නෑ. මාරයා අවස්ථාවක් ලබන්නේ නෑ ම යි. මාරයා අරමුණක් ලබන්නේ නෑ ම යි. කන කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. නාසය කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. දිව කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. කය කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට ….(පෙ)…. මනස කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට මාරයා ලං වෙන්නේ නෑ. මාරයා අවස්ථාවක් ලබන්නේ නෑ ම යි. මාරයා අරමුණක් ලබන්නේ නෑ ම යි.
සෙය්‍යථාපි ආවුසෝ, කූටාගාරකා වා කූටාගාරසාලා වා බහලමත්තිකා අද්දාවලිම්පනා. පුරත්ථිමාය චේපි නං දිසාය පුරිසෝ ආදිත්තාය තිණුක්කාය උපසංකමෙය්‍ය, නේව ලභේථ අග්ගි ඕතාරං න ලභේථ අග්ගි ආරම්මණං; පච්ඡිමාය චේපි නං දිසාය ....(පෙ).... උත්තරාය චේපි නං දිසාය ....(පෙ).... දක්ඛිණාය චේපි නං දිසාය ....(පෙ).... හෙට්ඨතෝ චේපි නං ....(පෙ).... උපරිතෝ චේපි නං ....(පෙ).... යතෝ කුතෝ චේපි නං පුරිසෝ ආදිත්තාය තිණුක්කාය උපසංකමෙය්‍ය, නේව ලභේථ අග්ගි ඕතාරං, න ලභේථ අග්ගි ආරම්මණං.
ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. හොඳට මැටි ගහපු, තෙත මැටියෙන් ආලේප කරපු කූටාගාරයක් හෝ කූටාගාර ශාලාවක් හෝ තියෙනවා. ඉදින් නැගෙනහිර දිශාවෙනුත් පුරුෂයෙක් ඇවිලගත් තණ හුලක් රැගෙන ආවොත්, ගින්නට ඉඩක් ලැබෙන්නේ නෑ ම යි. ගින්නට අරමුණක් ලැබෙන්නේ නෑ ම යි. ඉදින් බටහිර දිශාවෙනුත් පුරුෂයෙක් ඇවිලගත් තණ හුලක් රැගෙන ආවොත් ….(පෙ)…. ඉදින් උතුරු දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් දකුණු දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් යට දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් උඩ දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් පුරුෂයෙක් ඇවිලගත් තණ හුලක් රැගෙන කොයියම්ම දිශාවකින් ආවොත්, ගින්නට ඉඩක් ලැබෙන්නේ නෑ ම යි. ගින්නට අරමුණක් ලැබෙන්නේ නෑ ම යි.
ඒවමේව ඛෝ ආවුසෝ, ඒවං විහාරිං භික්ඛුං චක්ඛුතෝ චේපි නං මාරෝ උපසංකමති, නේව ලභති මාරෝ ඕතාරං, න ලභති මාරෝ ආරම්මණං ....(පෙ).... මනතෝ චේපි නං මාරෝ උපසංකමති නේව ලභති මාරෝ ඕතාරං න ලභති මාරෝ ආරම්මණං. ඒවං විහාරී චාවුසෝ භික්ඛු රූපේ අධිභෝසි, න රූපා භික්ඛුං අධිභංසු; සද්දේ භික්ඛු අධිභෝසි, න සද්දා භික්ඛුං අධිභංසු; ගන්ධේ භික්ඛු අධිභෝසි, න ගන්ධා භික්ඛුං අධිභංසු; රසේ භික්ඛු අධිභෝසි, න රසා භික්ඛුං අධිභංසු; ඵොට්ඨබ්බේ භික්ඛු අධිභෝසි, න ඵොට්ඨබ්බා භික්ඛුං අධිභංසු; ධම්මේ භික්ඛු අධිභෝසි, න ධම්මා භික්ඛුං අධිභංසු;
ප්‍රිය ආයුෂ්මතුනි, එලෙසින් ම භික්ෂුව ඔය විදිහට වාසය කරන විට ඇස කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට මාරයා ළං වෙන්නේ නෑ. මාරයා අවස්ථාවක් ලබන්නේ නෑ ම යි. මාරයා අරමුණක් ලබන්නේ නෑ ම යි ….(පෙ)…. මනස කරණ කොට ගෙනත් භික්ෂුව ළඟට මාරයා ළං වෙන්නේ නෑ. මාරයා අවස්ථාවක් ලබන්නේ නෑ ම යි. මාරයා අරමුණක් ලබන්නේ නෑ ම යි. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට වාසය කරද්දි භික්ෂුව විසින් ඒ රූප යට කරලා දානවා. ඒ රූප විසින් භික්ෂුව යට කළේ නෑ. භික්ෂුව විසින් ඒ ශබ්ද යට කරලා දානවා. ඒ ශබ්ද විසින් භික්ෂුව යට කළේ නෑ. භික්ෂුව විසින් ඒ ගන්ධ යට කරලා දානවා. ඒ ගන්ධ විසින් භික්ෂුව යට කළේ නෑ. භික්ෂුව විසින් ඒ රස යට කරලා දානවා. ඒ රස විසින් භික්ෂුව යට කළේ නෑ. භික්ෂුව විසින් ඒ පහස යට කරලා දානවා. ඒ පහස විසින් භික්ෂුව යට කළේ නෑ. භික්ෂුව විසින් ඒ මනසට අරමුණු වන දේ යට කරලා දානවා. ඒ මනසට අරමුණු වන දේ විසින් භික්ෂුව යට කළේ නෑ.
අයං වුච්චතාවුසෝ භික්ඛු රූපාධිභූ සද්දාධිභූ ගන්ධාධිභූ රසාධිභූ ඵොට්ඨබ්බාධිභූ ධම්මාධිභූ; අධිභූ, අනධිභූතෝ අධිභෝසි තේ පාපකේ අකුසලේ ධම්මේ සංකිලේසිකේ පෝනෝභවිකේ සදරේ දුක්ඛවිපාකේ ආයතිං ජාතිජරාමරණිකේ. ඒවං ඛෝ ආවුසෝ අනවස්සුතෝ හෝතීති.
ප්‍රිය ආයුෂ්මතුනි, මොහුට තමයි රූප මඩනා ලද, ශබ්ද මඩනා ලද, ගන්ධ මඩනා ලද, රස මඩනා ලද, පහස මඩනා ලද, මනසට අරමුණු වන දේ මඩනා ලද භික්ෂුව කියලා කියන්නේ. භික්ෂුව විසින් ඒ බාහිර අරමුණු යටපත් කළා. ඒ බාහිර අරමුණු විසින් ඒ භික්ෂුවව යටපත් කළේ නෑ. ඒ භික්ෂුව විසින් කෙලෙස් සහිත වූ, පුනර්භවය ඇති කරන්නා වූ, පීඩා සහිත වූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති ජරාමරණ උපදවන්නා වූ පාපී අකුසල් දහම් යට කළා කියලයි කියන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහටයි කෙලෙස් නො වැගිරෙන කෙනෙක් වෙන්නේ.
අථ ඛෝ භගවා වුට්ඨහිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තේසි: සාධු සාධු මොග්ගල්ලාන, සාධු ඛෝ ත්වං මොග්ගල්ලාන භික්ඛූනං අවස්සුතපරියායඤ්ච අනවස්සුතපරියායඤ්ච අභාසීති. ඉදමවෝච ආයස්මා මහාමොග්ගල්ලානෝ. සමනුඤ්ඤෝ සත්ථා අහෝසි. අත්තමනා තේ භික්ඛූ ආයස්මතෝ මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දිංසූති.
එතකොට භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් අමතා වදාළා. සාදු! සාදු!! පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලානයෙනි, ඔබ භික්ෂූන් හට කෙලෙස් වැගිරීමේ ක්‍රමය ගැනත්, කෙලෙස් නොවැගිරීමේ ක්‍රමය ගැනත් වදාළ අයුරු අගෙයි. මෙය ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වදාළා. ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. ඒ භික්ෂූන් වහන්සේලාත් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වදාළ දෙසුම සතුටින් පිළිගත්තා.