..HALAWATHA KOKKAWILA WANARATHANA ARANA..
වනරතන අරන...
දහම් ලිපි...
ධර්මදේශනා...
විශේෂ වැඩසටහන්..
සම්බන්දකර ගැනිම්..
Donation....
පෝයදින වැඩසටහන්...
බාහිර දේශනා...
සමාජ සත්කාර වැඩසටහන්...
භාවනා වැඩසටහන්...
වනරතන අරන...
දහම් ලිපි...
ධර්මදේශනා...
විශේෂ වැඩසටහන්..
සම්බන්දකර ගැනිම්..
Donation....
පෝයදින වැඩසටහන්...
බාහිර දේශනා...
සමාජ සත්කාර වැඩසටහන්...
භාවනා වැඩසටහන්...
1.
පිං
වතුනේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සසර ආ ගමන හරිම පුරුයි..ඔබ මේ ශ්‍රවනය කරන්නට සූදානම් වෙන්නේ අන්න ඒ අසිරිමත් ගමන පිළිබඳ හරිම සුන්දර දහම් කතාවක්...
2.ඒ නිසාම හැම කෙනෙක්ම හොදට කන් යොමා ගෙන අහන් ඉන්න ඔබ සරණ ගිය මේ තුන්ලොකයේම සුන්දරම හද මඩල දරා වැඩි සිටි සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ආ ඒ සොදුරු මග ගැන..
3.පිං වතුනේ බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීම මේ ලෝකයේ ඉතාම කලාතුරකින් වෙන් දෙයක්.බුදු වරු ලෙහසියෙන් මේ ලොකේ පහළ වෙන්නේ නෑ..මවුන් කරට ගෙන බෝසතු බුදුදේ පිහිනු බව ඔබ අසා ඇති දෙයක්.ඒ දේ සිදු උනේ අද ඊයේ නෙවෙයි නේ පිංවතුනේ විසි අසංඛෙය කල්ප ලක්ෂයට පෙර උන දෙයක්.අම්මා කරට අරගෙන දවස් හතක් මුදුදේ පීනුවේ දැනට අසංඛෙය කල්ප විස්සකට පෙර.එදා දෙවිය බඹුන් ඒ විර්‍ය් වන්ත මේ උත්තරිතර පුත්‍රයට කීවේ.පුතේ නුඹ බුදු බව පතපන් කියලා.අන්න ඒ ඇහුන එකම වචනය නිසා හිතේ බුද්ධ කියන වචනයට ඇති උන පැහැදීම දාරාගෙන එදා පටන් ආ ගමනේ ඒ බුදු බව එකාන්තයෙනම ලබනාවා කියන වචනේ බුදු රජාණන් වහන්සේ නමකගේ බුදු මුවින් අහන්න ගන්න අසංඛෙය කල්ප ලක්ෂ 16 ක් ගියා නොවැ පිංවතුනේ.
4.ඒ සිතුවිල්ල ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා කියන වචනය ලබා ගන්න බුදු කෙනෙක්ගෙන් අර මවුන් කරට ගෙන පීනු කූමාරයට අසංඛෙය කල්ප ලක්ෂ 16ක් ගියා.බුද්ධත්වයට පෙරුම් පිරුවේ අසංඛෙය කල්ප ලක්ෂ 4යි.ඒ බුදු වෙන චෙතනාවට විවරණ ගන්න බලාගෙන හිටියා අසංඛෙය කල්ප ලක්ෂ 16.
5.දීපංකර බුදු රජාණන් වහන්සෙගේ පාමුල විවරණ ලබලා ඊලගට කල්ප අසංඛෙයක් බුදුවරු ලොකේ පහල උනේ නෑ.එදා ඉදලා බුදු රජාණන් වහන්සේ නමක් මුනු ගහුනේ මේ මහා පුරුෂයානන් වහන්සේට අසංඛෙයක්.අසංඛෙයක් කියන්නේ පිංවතුනේ කල්ප ගාන ගනන් කරන්න බැරි තරම් දීර්ඝ කාලයක්.
6.මේ අය ඕන තරම් මේ දීර්ඝ කාලය ගැන අහලා ඇති...උදාරහරනයක් සිහි කර ගන්න මේ අයට මතකද ..යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් ගැඹුරු වලකට අඹ ඇට පිරෙව්වොත් ගන්න කරන්න පුලුවන් ද බෑනේ පිංවතුනේ හැබැයි අඹ තියෙනවා කියලා දන්නවා නේද...අන්න ඒ වගෙ අසංඛෙයක් කියන එක ගනන් කරන්න බෑ.ඒ තරම් දීර්ඝ කාලයක්.
7.එච්චර කාලයක් බුදු කෙනෙක් ලොකේ පහල උනේ නෑ.එච්චර කාලයක් බුද්ධං සරණං ගච්ජාමි වචනේ ලොකේ නෑ.ධම්මං සරණං ගජ්ජාමි කියන වචනේ ලොකේ නෑ..සංඝං සරණං ගජ්ජාමි කියන වචනේ ලොකේ නෑ.උපෝසථ සීලයක් ගැන දන්නේ නෑ...තුනුරුවන් සරන යෑමක් ලොකේ අසංඛෙයක් නෑ..සම්මා සම්බුදු කෙනෙක් වෙනුවෙන් ඇගිලි එකතු කරලා වදිනවා කියන එකක් ලොකේ තිබ්බේ නෑ.කසාවතක් දරා ගත් සංඝයා වහන්සේ නමකට දන් හැන්දක් බෙදනවා කියන එකක් තිබ්බෙ නෑ.එවන් තත්වයකත් උන්වහන්සේ තමන්වහන්සේගේ වීරිය අත හැරියේ නෑ පිවතුනේ..
8.ඒ අසංඛෙය යට පස්සේ ලොකේ බුදු රජාණන් වහන්සේ නමක් පහළ උනා ඒ බුදු රජාණන් වහන්සේගෙනුත් අපේ මහා බෝසතානන් වහන්සේ විවරන ලබා ගත්තා.ඒ විවරණ අරන ආයෙත් අසංඛෙයක් බුදු වරු මේ ලොකේ නැති යුගයක් පහළ උනේ.ආයෙත් අසංඛෙයකට පස්සේ බුදු රජාණන් වහන්සේලා දෙනමක් පහල උනා.ආය අසංඛෙයක් බුදු රජාණන් වහන්සේලා පහළ උනේ නෑ.ආය බුදු රජාණන් වහන්සේ නමකගෙන් විවරණ ගත්තා.ආය අසංඛෙයක් බුදු කෙනෙක් ලොකේ පහළ වෙලා නෑ..ඔය විදියට තමයි අසංඛෙය 4 හැදෙන්නේ..
9.බුදු වරු නැති අසංඛෙය කල්ප 4 ක් යෙදෙනවා අතරතුර 4 වාරයක් බුදු රජාණන් වහන්සේලා මුන ගැහෙනවා.ඊලගට තමයි පිංවතුනේ කල්ප ලක්ෂය එන්නේ..ඒ කල්ප ලක්ෂයේ තමයි.අට විසි බුදු රජාණන් වහන්සේ ලා සම්මුඛ උන කතාව තියෙන්නේ..හැබයි පිංවත්නි ඒ කල්ප ලක්ෂයත් මේ කල්පයෙන් ඉවරයි.එතනින් පස්සේ ආය බුදු රජාණන් වහන්සේ නමක් ගැන විස්තරයක් නෑ පිංවත්නි..
10.මේ අවස්ථාවත් ඔබට මග ඇරිලා ගියොත් අසංඛෙය කල්ප ගනන් බුදු වරුන්ගේ පහළ උන යුගවල බුද්ධ සාසන අහිමි උනා වගේ.ඒ අහිමි උන පුරුද්දට මේ බුද්ධ සාසනයත් අහිමි වෙලා ගියොත් අහිමි වෙන ලෝකේටමයි අපිත් වැටෙන්නේ.ආන්න ඒ නිසා පිංවත්නි බුදු රජාණන් වහන්සේ මේ සංසාර සත්වයා විදින දුක දැකලා.අපට මේ දහම දෙශනා කලේ.
11.පහු කාලේ කොච්චර බය තැති ගැනිම් ඇති උනාද කඩු කිනිසි ආයුධ දකිද්දි මනුස්සයා ට බිය ඇති උනා.මේ සත්වයා තවත් සත්වයෝ මරනවා කියලා.නමුත් මගේ බුදු රජාණන් වහන්සේ මෙවැනි වූ ධර්මක් දෙශනා කලා.පිංවත් මහෙනින් යම් කෙනෙක් නුබලාට මෙසේ කියනවනම්.ඒ කෝහමද උදේට උල් පාර සීයකින් අනිනවා.දවල්ට උල්පාර සීයකින් අනිනවා හවසට උල්පාර සීයකින් අනිනවා.මේ විදියට එක දිහට අවුරුදු සීයක් ගිහින් නිවන දෙනවා කීවොත් එකග වෙන්න කීවා..මොකද පිංවතුනේ අවුරුදු සීයක් ගිහින් හරි මේ සියලු දුක් නිමා වෙන නිසා.මොකද පිංවත්නි මේ දිර්ඝ සංසාරේ ආ ගමනේ ඔය සිරුර හරහා ගිය කඩු ගාන ගනන් කරන්න බෑ..මේ සංසාරේ ගමන් කරදී මේ සරිරය හරහා ගමන් කල ආයුධ ප්‍රමාණය ගනන් කරන්න බෑ.සංසාරේ ආය ආය යන්න උනොත් එහම ඔය සරීරය කීතු කිතු වෙලා කැඩිලා සුනු විසුනු වෙලා යාවි අර පහු ගිය කාලේ මිනිස්සුන්ගේ මස් සවලෙන් එකතු කලා වගේ.එහම සංසාරයේ ආයුධ වලින් සරිරය කැපි කැපි යන වාර ගාන ගනන් කරන්න බෑ.ඒ සා දීර්ඝයි මේ සසර.මේ සසර ගමන් කරදී පිංවත් මහෙනෙනි.ඥාතින් නැති වෙලා අඩලා අඩලා විවසන වලින්.පොළවේ හැපි හැපි විදපු දුක් කන්දරාව ප්‍රමාණ කරන්න බෑ.
12.මතක් කරලා බලන්න හැමෝම අතිතයේ අපි ජිවත් උන මේ රටේ මොන තරන් බයින් තැති ගැනිමෙන් අපට ජිවත් වෙන්න උනාද කියන එක ..මේ සංසාරේ හැමදාම අපි මෙන්න මේ දුක් වලට මූන දෙමින් ආව...බලන්න ඥාති විවසයනය කියලා දුකක් තියෙනවා...සිහි කරන්න පිංවතුනේ අර පාස්කු ප්‍රහාරය උන වෙලාවේ සමහර ගෙවල් වල අම්මා දරුවො ඔක්කොම මැරිලා තාත්තා විතරක් ඉතුරු උන ගෙවල් තිබුනා නේද..බලා ගත්ත අතේ බලා ඉදලා.ඒ දුක දරා ගන්න බැරිව සමහර ඒ තාත්තලා ටික දවසක් ගිහින් කොච්චි පාරේ යන කෝච්චිවලට බෙලල තියන් මැරිලා ගියා ඥාති විවසන දුක.සංසාරේ ඔය විදියට ඥාතින්ගේ වියෝව දරා ගන්න බැරිව අපි ද කදු හෙල් ප්‍රපාවත් වලින් පැනපු වාර අනන්තයි අප්‍රමාණයි පිංවතුනේ.එච්චර විදවපු සසරක් අපිට තියෙන්නේ.ඒ නිසාම ඔය සසරෙන් නිදහස් වෙන්න.අපි සරණ ගිය අපේ බුදු රජාණන් වහන්සේ මේ ඇස් ගලවා ගලවා දං දිදි මේ දුක එපා කියලා පැතිවනේ පිංවත්නි..මේ හොදට පේන ඇහ ගලවා ගලවා දං දිදි පැතුවේම මේ දුකින් නිදහස් වීමයි පිවත්නි.අපේ බුදු රජාණන් වහන්සේ සංසාරේ ගැන ඒ විදියටයි වදාළේ.පිවංත්නි ඊළඟට සසර යන අපිට බෝග වියසන කියලා දේකට මූන දෙන්න වෙනවා.තම තමන් ඉතාම මහන්සියෙන් දුක විදලා හම්බ කර ගත්ත ධන ධාන්‍ය වතු පිටි හරකා බාන නැති වෙලා විනාස වෙලා හතර අතේ ගේවා ගන්න බැරි තරම නය වෙලා.යන එනමක් නැතුව.ඒ දුක දරා ගන්න බැරිව පපුව හිර වෙලා මැරුන වාර ගනන.කදු හෙල් වලින් පැනලා මැරුන වාර ගනන...බෙල්ල හිර කරන්න මැරුන වාර ගනන...වාහන වලට යටවෙලා මැරිලා ගිය වාර ගනන....නොකා නොබි මැරිලා ගිය වාර ගනන..මුහුදට පැනපු වාර ගනන.ගනන් කරන්න බැරි තරම් මේ සසර කොච්චර අපිට තිබ්බද.බෝග විවසන වලදි සකල සේසතම නැතිවෙලා අපි විදින දුක දැකලා උන්වහන්සේ සියල්ල දන් දෙමින් අපිට දුක නැති කරන පගමයි පැතුවේ ...පිංවත්නි ඊලගට රෝග විවසන කියන දුක අපේ ජිවත වෙලා තියෙන දුකක්...අනේප්‍රකාර රෝග,කෙලවරක් නැතුව රෝග හැදි හැදි රෝග වලින් දුක් විදපු වාර අනන්තයි අප්‍රමාණ යි මේ සසර..
13.මේ සංසාරේ අපි හැමෝම "තිබ්බං පච්චනු භූතං" වාවා ගන්න බැරි දුක් විද විද ආපු සසර ගමනක් මට ඔබට තියෙන්නේ.අන්න ඒ සසර අපි විදින දුක් දැකපු මගේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඇස් දෙක වගේ හිටපු දරුවෝ දන් දිදි...ඒ මාහ බෝ සතුන් ඔය දුක එපා කියලා පැතුවා.මේ ආ ගමනේ සසර පුරාවටම තමන් වහන්සේටම සෙනෙහස දෙන්න පිනටම පහළ උන....විවරණ ගත් දා පටන් වෙන කිසිම කෙනෙකුට සෙනහ නොදුන්න.සරස පුරාම පතුවෘතාවෙන් සක් දෙව්දුගේ පඩුපුල් අසුන පවා උනු කරන්නට තරම් පාරිසුද්ධ ආරයක් සෙනහසක් දුන්නු...ඒ යසොදරා වගේ මහා උත්තමාවියෝ.....සංසාරේ දන් දිදි පැතුවේම මේ දුක නම් එපා කියලමයි පිංවත්නි.උන් වහන්සේගේ පුණ්ය ප්‍රාර්ථනාවන් ඉටු කර ගන්න මේ සසර දුන්න දාන.වෙන කෙනෙක්ට නම ඒ දානේට සමාන වෙන්න තබා හිතන්නවත් බෑ එච්චර දන් දිලා තියෙනවා උන් වහන්සේ..මේ තුන්ලොව එන කිසි කෙනෙකුට සමාන විය නොහැකි ලෙස දන් දුන් හෙයින් උන වහන්සේ දුන් දානේට කියන නමක් තමයි දාන පාරමිතාව..දානෙන් පරතෙරට ගියා.සීලයෙන් පරතෙරට ගියා...බලන්න පිංවත්නි ගේ දොර අත් හැරිම නම් ගුණයෙන් නෙක්ඛමයෙන් පරතෙරට ගියා. එච්චර ගෙවල් අත් හැරලා නෑ මේ තුන්ලොකේ වෙන කිසි කෙන්නෙක්.මේ බුද්ධ සාසනයේ පැවිදි උන සංඝයා වහන්සෙලා ගනන් කරන්න විදියික් නෑ.කෝටි ගනනක් බුදු රජාණන් වහන්සෙගේ සාසනේ උන්වහන්සේ වෙනුවෙන් මහන වෙලා තියෙනවා.ගෙවල් අත් හැරලා.හැබැයි පිංවත්නි බෝසතතානන් වහන්සේ සසංසාරේ ගෙවල් ඇතහැර ගිය වාර ගනන ඉදිරියේ උන් වහන්සේ වෙනුවෙන් ගෙවල් ඇතහැරපු ගනන වැලි කැටයක් වගේ...බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් අත් හැරපු ගෙවල් වැලි කැටයක් වගේ.උන් වහන්සේ සංසාරේ ගෙවල් අත් හැර අත හැර...අභිනිස්ක්‍රමණය කල වාර ගනන මහ මෙරක් වගේ.වෙන කිසි කෙනෙකුට ලංවිය නොහැකි සේ අභිනිෂ්ක්‍රමණය කලා ඒක උන්වහන්සේගේ නෙක්ඛම පාරමිතාව.
14.ඒ බුදු රජාණන් වහන්සේ සංසාරේ සත්‍ය කතා කලා.සත්‍යයෙන් ප්‍රාතිහාර්‍ය් පෑවා.ඒ සත්‍යය ට සමාන වෙන්න පුලුවන් කෙනෙක් මේ තුන් ලොකේම නෑ....ඒ නිසාම උන් වහන්සේසසර පුරුදු කරපු සත්‍යය ට කියනවා සත්‍යය පාරමිතාව කියලා..
15.උන්වහන්සේ ගේ තිබ්බ ඉවසීම මේ අත කපද්දි...ඉවසුවා...කකුල් දෙක කපද්දින් ඉවසුවා පපුව පලලා හදවත එලියට අරන් කපදි ඉවසුව....සිතට තරහක් ගත්තෙ නෑ ඒ ඉවසපු ඉවසීම ක්ෂාන්තිය.පාරමිතාවක් ක්ෂාන්ති පාරමිතාව...
16.පිංවත්නි උන්වහන්සෙගේ සම්බුදු බවට එන ගමන පාරමිතාවක් ...ඒ වගේම පිංවතුනේ උන් වහන්සේ ඥාන සක්තිය කල්පනාව...කල්පනා කර කර යමක් තේරුම් ගන්න එක ලොකේ ගැටලු විසදන එක පුරුදු කළා පාරමිතාවක් ලෙස..කාටවත් ලං වෙන්න බැරි තරමට.ප්‍රඥා පාරමිතාව..
17.බලන්න පිංවතුනේ උන්වහන්සේ පුරපු මෛත්‍රී පාරමිතාව....මෙන්නෙ මේ වියදියට පාරමි දස උප පාරමි දස පරමත්ථ පාරමි විදියට පාරමි පුර පුරා එන ගමනේ.උන්වහන්සේ කරන කරන පින සම්බුදත්වයටම එකතු වෙනවා
18.උන්වහන්සේ ආ ගමනේ බෝධි සත්ව කාලේ සිතින් කයින් වචනයක් වැරදුනොත් ඉක්මනින් වපාක දිලා ඉවරවෙලා යනවා..පිංවතුනේ අහන්න අවසානයේ වජිරාසනාට උන්වහන්සේ වඩින කොට.සිද්ධර්ථ මහ ශ්‍රමනයන් වජ්‍රාසනයට වඩින කොට සංසාරයකට කරපු සියලු පවු ගෙවිලා ඉවරයි....සියලු පවු ගෙවිලා ඉවරයි...උන් වහන්සේ සසර ගමන් කරනකොට උන් වහන්සේ ගමන් කරන ලොකේ.එක මලක් පුජා කරලා..මේ බුද්ධ සාසනේ එක මලක් පුජා කරලා ඊලග බුද්ධ සාසනේ රහත් වෙනවා කෙනෙක් පිං බලේට...ඒ වගේ කෝටි කෝටි ගනන් තමන්ගෙ නෙත් දෙක ඉදිරියේ පුන්චි පුන්චි පිංකරලා නිවන් දකිද්දි ඇස් ගලවා ගලවා දන් දුන්නු බෝධි සත්වයෝ ගොඩාක් සංසාරේ ආවා...එතකොට අරහත්වයට පත් වෙන්න ඕන පිනයි...සම්බුදු බවට පත් වෙන්න ඕන පිනයි ගැන හිතන්න..සියලු පිං වලින් හැදුනු උත්මයාට කියනවා...භගවා කියලා...
19.ඔබ මම සරන ගිය භාග්‍යවතුන් වහන්සේ භගවා නම් වේ....ඒ සියලු පිං බලෙන් මේ ලොකේ ලැබිය යුතු දා ඒ වෙනුවෙන් උන්වහන්සේ වජිරාසනය මත ඒ නිකෙලෙස් බව ලබා ගත්තා.. පිංවත්නි මහා මයා මවු කුසෙන් සුදොවුන් රජුට දාව..මවු කුස පිලිසිද ගත්ත මහා බෝසතතානන් වහන්සේ..වෙසක් පුන් පෝය දවසක ලුම්බිණි සාල වනෝද්‍යානයේ මේ ලොකේට බිහි උනා...යොදුන් 40000ක් විශාල ඝනකඩ මේ මිහිබඩල තොටිල්ලක් වගේ සෙලවුනා....මහ මයා දේවිය නොදන්නවා උනාට සුදොවුන් රජතුමා නොදන්නවා උනාට..මිනුසුන් නොදන්නවා උනාට...මේ අපි පය ගහලා ඉන්න මහ පොළව..මේ පහළ උන කුමාරයා බුදු වෙනවා කියලා කම්පා උනේම. උන් වහන්සෙගේ පිං බල මහිමයටමයි....
20.උන්වහන්සේ සියලු සම්පත් අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරලා ගිහින් සය වසරක් දුක් විදලා...ඒ දුෂ්ක්‍ර ක්‍රිරියාව අත හැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන්..ගයාවේ වජිරාසනය මත එදා ලුම්බිණි සල්වනේ උන්වහන්සේ ඉපදෙනකොටම පැනනැගුන වෘක්ෂය ජයසිරි මහා බෝධින් වහන්සේ.....ඒ වෙසක් පුන් පෝය දවසකම තමයි..යසොදරදා මහොත්තමාවියද ඉපදුනේ..ඒ වෙසක් පුන් පෝ දිනයෙමයි කන්ථක අවස්වයා ඉපදුනේ...ඒ වෙසක් පුන් පෝ දිනයෙමයි කාලුදායි ඇමති තුමා ඉපදුනේ..ඒ වෙසක් පුන් පෝ දිනයෙමයි චන්න ඇමති තුමා ඉපදුනේ..ඒ වෙසක් පුන් පෝ දිනයේමයි උන්වහන්සේ වෙනුවෙන් සතර මහා නිදාන පහළ උනේ....මේවට කියන්නේ පිංවතුනේ සහජාත වස්තු කියකාලා...ඒ වෙසක් පොය දවසේමයි උන්වහන්සේ ට උපස්ථාන කරපු ආනන්ද ස්වාමින් වහන්සේ ඉපදුනේ භාග්‍යවතුන් වහන්සෙගේ පිරිණිවන් පාන මොහතේ පැත්තකට වෙලා බිත්තියක කනුවකට ඔලුව තියාගෙන මට අනුකම්පා කරපු මගේ බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පානවනේ කියලු අඩපු අනන්දයන් වහන්සේත් ඒ වෙද්දි වයස අසූවයි පිංවතුනේ.අසුවක් වයස දහම් දැනුමෙන් මෝරා ගිය..ඒ උත්තමයෙගේ ඇස්වල ඇස් කදුළු උල්පතක් උනා බුදු කෙනෙකුගේ පිරිණිවන් පෑම..
21.කෙසේ නමුත් පිංවත්නි සම්බුදු බව පිණිසම පහල උන ජයසිරි මහ බෝ මැඩ දි දස මර සෙනාව පරදා සවසනා ක්ලස්ප්‍රාහණයෙන් උන් වහන්සේ ලොවුතුරා සම්බුදු බවට පත් උනා.පුරපු පිනටමයි ලැබුනේ....උන්වහන්සේ අවබෝධ කළ ධර්මය ඉස්සෙල්ලා ම දෙශනා කලේ බරනණැස ඉසිපතන මිගදායෙදි..මහා කරුණාවෙන් මේ ලොක සත්වයටා සෙත සලාසලමින් ගමින් ගමින් ගමට වැඩම කළා....උන්වහන්සෙගේ කරුණාව හරිම පුදුමයි.....කාට හරි සෙත සලසන්න ඕන නම් බුදු රජාණන් වහන්සේ බෝහෝ දුර වඩිනවා...පිංවත්නි අහන්න උන්වන්සේ වෙනුවෙන් ගිහි ගෙය අතහැරලා කසාවත් දරාගෙන පැවදි උන සඝරුවන කෝටි ගානක් පහළ උනා....ඒ තමයි පිංවතුනේ සංසාරෙ නිවන් දකින්න ඕන කියලා පත පතා පිං පුර පුරා ආව උත්තමයො ටික.උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන්.මේ ලෝක ධතුව දෙස උදෑසන එක පාරක් බලා වදාරනකොට තමා වෙනුවෙන් මහණ උන සංඝයා ගැන දවසට හය වතාවක් කරුණාවෙනු බැලුවා ඇයි ඒ පිරිස ධර්මයටම ජීවිතය කැප කරලා...යම් මොහතක ඉදුරන් මෝරා ගියාද...ඉන්ද්‍රිය ධර්ම මොරා ගිය කෙනාට ආපහු මොහතක් වත් සංසාරේ යන විදියට කටයුතුකලේ නෑ..ඉක්මනටපිහිට උනා නිකලෙස් කරවන්න....
22..ඊලගට උන්වහන්සේ නිසා කෝටි ගනන් සත්වයා සසර දුකෙන් නිදහස් උනා.....ඒ තථාගතය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සීල සුගන්දය...තුන් ලෝකයේ ම පැතිරිලා ගියා...උන්වහන්සේ තරම් සීලවන්තයෙක් ලොකේ හිටියේ නෑ...උන්වහන්සේ තරම් ප්‍රඥාවන්තයෙක් ලොකේ හිටියේ නෑ..උන් වහන්සේ තරම් ඉර්ධී මතෙක් ලොකේ හිටියේ නෑ...ඒ ගැන සිහි කරනවනම් මෙන්න මේ වගේ ....එක ඉර්ධී මතෙක් මේ පෘථිවි තලය කරකෙව්විත් මුගලන් මහ රහතන් වහන්සේට ඒ දේ එක පාරින් නවත්තන්න පුලුවන්....මුගලන් මහරහතන් වහන්සේ වගේ දහස් ගනනක් ඉර්ධීයට සමවැදිලා මහ පොලව හෙලෙව්වොත් එක පසේ බුදු රජාණන් වහන්සේ නමකට පුලුවන් නවත්තන්න....දනින් දන ගෑවෙන තරමින් පසේ බුදු රජාණන් වහන්සේලා එකතු වෙලා මේ මහ පොළව කැරෙකෙව්වොත් මගේ බුදු රජාණන් වහන්සේ ට පුලුවන් ඇසුරක් ගහන තරම් පුන්චි වෙලාවකින් ඒක නවත්තන්න පුලුවන් ඒ සා ඉර්ධී සම්පන්නයි...ඔබ මම සරණ ගිය බුදු රජාණන් වහන්සේ....බලන්න පිංවත්නි මේ දවස්වල හිරුරැස් පායනවා දරා ගන්න අමාරුයි ඒ හිරු මඩල කොච්චර ඈතද පිහිටා තිබෙන්නේ.....රාත්‍රියට හද පායනවා ඔබ නොදන්නවා උනාට ඔය හිරු මඩල දන්නවා සද මඩල දන්නවා...බුදු රජාණන් වහන්සේ ඔය ඉරයි හදයි ශ්‍රී හස්තයෙන් ස්පර්ශ කරපු බව...ඔබ මම සරණ ගියපු බුදු රජාණන් වහන්සේ ට පුලුවන් ඔය ඉර මඩලයි සද මඩලයි ලගට අරන් ස්පර්ශ කරන්න.ඕන නම් මගේ බුදු රජාණන් වහන්සේ ට පුලුවන් ඉර යම් තැනකද සද යම් තැනය ශ්‍රී හස්තය එතනට යොමු කොට ඉර හද ස්පර්ශ කරන්න...ඒ බුදු රජාණන් වහන්සේ ඉර මඩල ස්පර්ශ කරනකොට මොහතකට ඒ ඉර මඩලේ ගිනි නිවි ගියා.......ඒ නිසයි ඉර මඩල රාහු ගන්න යනකොට ඉර මඩලේ දේවතාවා බුදු රජාණන් වහන්සේ සිහි කළේ...ඒකයි සද මඩල රාහු ගන්න යනකොට සදමඩලේ දේවතාවා බුදු රජාණන් වහන්සේ සිහි කළේ....කවද්ද පිංවතුනේ අපට දුකක් කරදයක් වෙනකොට බුදු රජාණන් වහන්සේ සිහිවෙන හිතක් හදා ගන්නේ අපි...මේ මිහිඩලේ ඇවිද වඩින උත්තමයෙක් ඉර මඩල සද මඩල ස්පර්ශ කරනවනේ...ඒ සා ඉර්ධී සම්පනයි ඔබ මම සරණ ගිය බුදු රජාණන් වහන්සේ......
23.මේ බුද්ධ සාසනයේ යම් කෙනෙක් පිංවත්නි පෙර ජීවිත සිහි කරනවනම් ආපස්සට ආපස්සට ඒ පෙර ජීවිත සිහි කීරිමේ ඥානය තරුවක් වගේ.....සාරුපුත් මහ මොග්ගලාන සෝභීත මහරහතන් වහන්සේලා පෙර ජීවිත සිහි කරනවනම් ඒක ඉරබටු තරුව වගේ...පසේ බුදු රජාණන් වහන්සේ නමක් ජීවිත ආපස්සට සිහි කරනවනම් ඒක සද මඩලේ එලිය වගේ....මගේ බුදු රජාණන් වහන්සේ සසර අතීතය සිහි කීරිම වලාකුලු වලින් මිදුන අහසේ පායපු හිරු මඩල වගේ..එච්චර එලියයි එච්චර ආවරණ රහිතයි......ඒ ණුවනින් දැකලා දෙශනා කරපු දහමක්නේ අපිට ලැබිලා තියෙන්නේ පිංවත්නි....ඒ සා ආනුභාව සම්පන්නව වැඩ උන්නු බුදු රජාණන් වහන්සේ......අනේ පාත්‍රය අතට අරන අර දුප්පත් මනුස්සයෙක් ගෙදරට පිංඩ පාතේ වඩිනවනේ...සමහර විට පිළිණු උන පිට්ටුවක් ලැබුනත් ඉවසුවනේ පිංවතුනේ....මහා කරුනාවෙන් යුකතයි...දෙවියන් බඹුන්ගේ ස්තුති පුජාවන් ලබන බුදු රජාණන් වහන්සේ ......මේ ලොකයේ කෙලෙස් සහිත මිනිස්සුන්ගේ වචන අහා අහා උන්වහන්සේ වැඩ සිටියා....ඒ නිසා බුදු ගුණ නම් අනන්තයි අප්‍රමාණයි පිංවත්නි....
24..බලන්න පිංවත්නි ඔබේ ජිවිතේ ඔබ ඇසුරු කරන අනික් අය ගත්තොත් පිංවත්නි..එක්කෝ ඔබ ඇසුරු කරන අය අතර ඉන්නවා තරහා යන චරිතයක්....එක්කෝ ඉන්නවා රාග චරිත තියෙන අය........එක්කෝ බීමට ඇබැද්දිය උන අය ඉන්න පුලුවන් .....ඔබ ඇසුරු කර අය අතර....ඔබ ලග ඉන්නවා පොන් එකේම එල්ලිලා ඉන්න අය......බලන්න ඔබ ඇසුරු කර්න අය අතර ඇති කේලම් කියන අය..ඔබ ඇසුරු කරන අය අතර ඇති ගොඩක් දුර්ගුණ තියෙන අය..පිංවත්නි ඒත් මගේ බුදු රජාණන් වහන්සේ සිරි පා තබා තබා වඩිනකොට උන්වහන්සේ පිටි පසින් වඩින සාරි පුත්තයන් වනාහි..කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිංදු ගනන් කරලා කියන්න පුලුවන් මහා ප්‍රඥාවකින් යුතු උතුමෙක්.....ප්‍රඥාව නැමති කනුවට නැග් ශ්‍රාවකයා පිටි පස්සෙන් එන්නේ.......භාග්‍යවතුන් වහන්සේ පිටු පසින් වඩින නීල වර්ණ ශරීරයකින් උත්මයා තමයි ඉරහද අත ගාන කෙනා...මේ මහ පොලව අනික් පැත්තට පෙරලලා පෘථිවි රසය අනික් පැත්තට ගන්න පුලුවන් කෙනා...මුගලම් මහ රහතන් වහන්සේ......බුදු රජාණන් වහන්සෙගේ පිටුපසුන් වඩින අනික් ශ්‍රාවකයන් වහන්සේ තමයි.....මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඔය ගොල්ලො දන්නවද උන්වන්සේ කාට හරි අත්දෙක එකතු කරලා වන්දනා කලොත් ඔලුව කදින් වෙන් වෙලා යනවා ඒ වැදුම පිලි ගන්න මේ ලොකේ කාටවත් බෑ මගේ බුදු රජාණන් වහන්සේ ඇරෙනකොට.....භාග්‍යවතුන් වහන්සෙ ලගට ඇවිත් ස්වාමීනී මන් කාශ්‍යප ස්වාමිනි මන් කාශ්‍යප කියලා අත්දෙක එකතු කරලා නලල බිම තියලා සිරි පතුල් ඉබ ඉබ මහා කාශ්‍යපයන් වහන්සෙ වදිද්දි අකම්පිතව වැඩ උන්නේ බුදු රජාණන් වහන්සේ.ඒ දුත ගුණෙන් පිදුම් ලබපු උත්තමයා මහා කාශ්‍යපයන් වහන්සේ විරාගි බවින් මිහිමඩල සොලවපු ඒ උත්තමයගේ. ඒ වැදුම් ලබන බුදු රජාණන් වහන්සේ සරණ යන්න අපි කොච්චර පිං කරලා ඇත්ත.....තප්පරයකයකට වචන හැටදහසකට වඩා වැඩිය මතක.දුටු දුටුවන්ගේ දුක් නිවන රූ සපුවක් තීබූ ආනන්දයන් වහන්සේ පිටු පසින් වඩින්නේ....වැරදි තිබුන ජීවිතේ සියලු වරදින් නැගී සිටපු....වලාකුළින් මිදුන සදක් වඩිනවා වගේ...ඉවසීමේ ගුණයෙන් තෙජෝ බලයෙන් අග තැන්පත් වත්ව..වරදින් මිදෙන්න පුලුවන් කියලා මුලු ලොවට හඩ ගා කියා පෑ...සෙන්පතියා වූ අංගුලිමාල මහරහතන් වහන්සේ වඩින්නේ උන්වහන්සේගේ පිටු පසින්.රජ සිටු මැදුරු අත් හැරලා කසාවත් දරාගෙන සියලු වැරදි නිවැරදි කරගත් නිකෙලෙස් උත්තමයෝ පිරිසක් උන්වහසේ පිරි වරාගේන ඉන්නේ.......මහා පරවත් පිරිවරා ගත්ත...මහා මේරූ පර්වතයක් වගේ බුදු රජාණන් වහන්සේ නිකලෙස් මුනිවරු පිරිවරාගෙන වඩිනවා.....පිංවතුනේ මේ ඔබ මම සරන ගිය බුදු රජාණන් වහන්සෙගේ අසිරියයි......සිත පහදවා ගන්න හොදට ......මේ වනාහී බුද්ධ සාසනයි.......ඒ නිසා මොහතකට පහදින්න හෝදට.....
25..පිංවතුනේ ධර්මයේ මෙන්න මෙහම සදහන් වෙනවා....මේ සා ගුණ පිරි බුදු රජාණන් වහන්සේගේ අසීමිත ගුණයට පැහැදුනොත් "සම්මග් ගතා" කියලා...ඒ කියන්නේ එයා යන පාර හරි කියලා...බුදු රජාණන් වහන්සේ ට පැහැදුනොත්...ඒ ධර්මයට පැහැදුනොත් ඔහුට කියන්නෙත් "සම්මග් ගතා"කියලා.....එයාගේ පාර හරි කියලා.......ඒ ආර්‍ය් මහා සගරුවනට පැහැදුනොත් එයාට කියන්නෙත් "සම්මග් ගතා" කියලා...ඔහුගේ ආර හරි කියලා.......ඒ නිසා පිංවතුනේ මේ බුද්ධ සාසනයට පහදින්න........තුනුරුවන්ට පහදින්න...
26.උන්වහන්සේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදු කිස නිම කරලා...කුසිනාර නුවර උපවර්තන සල් උනයනේ පිරිනිවන් පානකොට....මේ මිහිමඩල සලිත උනා..එදා මවු කුස උපදිද්දිත් මේ මහ පොලව සෙලවුනා....කිසි කෙනෙක් දන්නෑ...මවු කුසෙන් බිහි වෙද්දිත් මහ පොලව සලිත් උනා ...ඒ වගේම නිකලෙස්ව ලොවුතුරා සම්බුදු වෙනකොට..ලොකේ කිසි කෙනෙක් නොදැගෙන ඉද්දි....මතකද ඔය ඇත්තන්ට මාර පරාජය වෙන වෙලාවේ දෙවියන් බඹුන් පවා බය වෙලා ඈතට දිව්වා...ඒ වෙලාවෙත් මේ මහ පොලව සෙලවුනා....පලමු දහම් දෙසුම කරද්දිත් මහපොලව සෙලවුනා...ඒ භාග්‍යවතුන් වහන්සෙ සනිදාන සූත්‍රය දේශනා කරද්දි මහ පොලව සෙලවුනා.....බ්‍රහ්ම ජාල සූත්‍රය දේශනා කරද්දිත් මහ පොලව සෙලවුනා....අනේකවිධ පරම ගාම්භීර දහම් කරණු වදාරද්දි මහ පොලව සෙලවුනා......උන් වහන්සේ ආයු සංස්කාරය අතහරිද්දි මහ පොළව සෙලවුනා......උන් වහන්සේ පිරිනිවන් පාද්දි මහපොල්ව සෙලවුනා....ලෝකයේ කවුරුවත් නොදැනගත්තත් ලොකේට බුදු කෙනෙක් පහළ උන බව මේ මහ පොළව දන්නවා පිංවත්නි...ඒ නිසා මේ සම්බුදත්වයට සාක්ෂි සපයන්න මේ මහ පොළව ප්‍රමාණවත්....ඒ නිසා පිංවත්නි මේ මිහිමඩලේමයි අපිත් හිටගෙන ඉන්නේ......ඔබ නොදන්නවා උනාට තුන් ලෝයක් සනහා වදාලා වූ තුන් ලෝකේටම අග තැන්පත් සම්බුදු කෙනෙක් ලොකේට පහළ උන බව මහ පොළව දන්නවා......පිංවත්නේ ඒ නිසා තමයි කාවන්තිස්ස රජ සමයේ සුනාමිය එද්දි...කාවන්තිස්ස රජතුමාගේ ඒ ගලන ජලය නතර කරගන්න බැරි තැන.....ගලින් මවන ලද පිලිම වහන්සේ නමක්.....සක්දෙවිදුන් මුහුද ලග තිබ්බා....පිංවතුනේ පුදුමේ කියන්නේ සියලු ජලය ප්‍රතිමාවෙන් එහාට ගියා.......පිංවතුනේ සිහි කරන්න ඒ ජල කද සම්බුදු ගුණ් දන්න නිසාවෙන් නේද අපිට මතක සුනාමිය දවස්වල පුන්චිම පුන්චි බුද්ධ ප්‍රතිමාවක්වත් වතුරෙන් පෙරලුවේ නැත්තේ....ඒ නිසා ඔබේ මගේ ජිවිතේ සියලු දුක් ගිනි නිවා ගන්නට බුදු රජාණන් වහන්සේ හදවතින්ම සරණ යාතුයි...ඒ සම්බුදු ගුණ බලය සත්‍යයක් මයි...
27..ඔය ඇත්තෝ දන්නවද මේ අපි ජිවත් වෙන ලංකාව කොපමණ ආක්‍රමණ වලට හසු වෙලා තියෙනවද කියලා..අතීතයේ ඉදන් මේ දක්වාම ආක්‍රමණ 20 ගනක් ආක්‍රමණ වලට මුහුන දිලා තියෙනවා......එළාර.සේන.ගුත්තික.අසේල.කාලිංඝ මාඝ...මේ අය ....ඔය ගොල්ලො දන්නවද එලාර අවුරු 44 ක් මේ රට අල්ලගෙන ජාතියට වද දුන්නා.....එළාර බුදු ගුණ කියනකම් කරභගෙන උන්නේ නෑ...වද දුන්නා.....තමන්ගේ උන්ට කීවා ගිහිල්ලා චෛත්‍යය වල මලපහ කරපල්ලා කියලා....තමන්ගේ උන්ට කීවා ජයසිරි මහා බෝධියට නැගලා සෙල්ලම් කරපල්ලා ඔන්චිලි පැදපල්ලා කියලා....ආන්න ඒ බුද්ධ භූමිය කෙලසපු නිසා තමයි දුටු ගැමුනු කුමරයා යුද්ධ කරලා එලාරව එලෙව්වේ.......අවුරුදු 44ක් මේ රටේ ජනතාව එච්චර පෙලලත් සම්බුදු සසුන වනාස කරන්න බැරි උනේ ඒ අසිරිමත් සම්බුදු ගුණ බල මහිමය නිසාම බව සිහි කරගන්න......
කොක්කාවිල වනරතන අරන අපව මෙම
සමාජ මාධ්‍ය හරහා අපව ඔබට සම්බන්ද කරගත හැක..
සම්බන්ධතා
wanarathana.arana1@gmail.com
+94717069196
ඔබගේ ඊ-මේල් ලිපිනය
ඇතුළත් කරන්න